අධික ලෙස දහඩිය දැමීම (hyperhidrosis)

අධික දහඩිය දැමීම,පොදු තත්වයක් වන අතර එය මුළු සිරුරටම හෝ සිරුරේ යම් යම් ප්‍රදේශ වලට බලපායි. සමහර විට වයසත් සමග එය යහපත් අතට පත්වන අතර, මේ සඳහා ඔබට කල හැකි දේ සහ ප්‍රතිකාර උපකාරී විය හැක.

මොකක්ද මේ අධික ලෙස දහදඩිය දැමීම ?

ඔබගේ ශරීරය උණුසුම් වී ඇත්නම් නම් හෝ ඔබ ව්‍යායාම කරන්නේ නම් දහඩිය දැමීම සාමාන්‍ය තත්වයකි. නමුත් ඔබගේ සිරුර සිසිල් වීමට අවශ්‍ය නොවන විට දහඩිය දමන්නේ නම් අධික ලෙස දහඩිය දැමිය හැක. අධික ලෙස දහඩිය දැමීම සඳහා කිසිදු පැහැදිලි හේතුවක් නැත. ඔබට ඇති වී ඇති වෙනත් තත්වයක් නිසා හෝ ඔබ ලබාගන්නා ඖෂධ වර්ගයක අතුරු ප්‍රතිඵලයක් ලෙස ද මෙය ඇතිවිය හැක.

අධික ලෙස දහඩිය දැමීම වැලැක්වීම සඳහා ඔබට කල හැකි දේවල්:

කළ යුතු දේ

  • දහඩිය දැමීම අඩු කිරීම සඳහා ලිහිල් ඇදුම් අදින්න.
  • තෙතමනය අවශෝෂණය කර ගැනීමට හැකි මේස් පළඳින්න. හැකි නම් දිනකට දෙපාරක් මේස් මාරු කරන්න.
  • සම් සපත්තු පළඳින්න. දිනෙන් දින වෙනස් සපත්තු පැළඳීමට උත්සාහ කරන්න.

නොකළ යුතු දෑ

  • තද ඇදුම් හෝ මිනිසා විසින් නිර්මාණය කරන ලද රෙදි වලින් (උදා-නයිලෝන්) නිමවූ ඇඳුම් ඇඳීමෙන් වලකින්න.
  • සංවෘත බූට් සපත්තු පැළඳීම හෝ ක්‍රීඩා සපත්තු පැළඳීම නොකළ යුතුය. ඒවා දෙපයට දහදිය දැමීම අධික වීමට හේතු විය හැක.
  • ඔබගේ දහඩිය දුගඳ වැඩි කරන දේවල් වලින් වලකින්න- උදාහරණ ඇල්කොහොල් පානය කිරීම, කුළුබඩු වර්ග ආහාරයට ගැනීම
    අධික දහඩිය දැමීම වලක්වා ගැනීම සඳහා ඖෂධවේදින්ට ද උපකාර කල හැක.

අධික දහඩිය දැමීම සම්බන්ධයෙන් ඔබට, ඖෂධවේදීන් ද හමු විය හැක. වෛද්‍යවරයෙකුගේ උපදෙස් වලින් තොරව ඔවුන්ට ලබා දිය හැකි සමහර බෙහෙත් වර්ග ඇත. ඒවා නම්;

  • ඩියෝඩොරන්ට් (deodorant-දුර්ගන්ධය වලක්වයි) වෙනුවට ශක්තිමත් ඇන්ටිපර්ස්පිරන්ට්ස් (antiperspirants -දහඩිය දැමීම වලක්වයි)
  • ඔබගේ ඇඳුම් ආරක්ෂා කර ගැනීම සඳහා කිහිලි වලට හෝ අනෙකුත් ශරීරයේ දහඩිය දමන තැන් වලට ස්වෙට් ශීල්ඩ්ස් (sweats shields ) පාවිච්චි කල හැක.
  • දහඩිය සහිත පාද සඳහා භාවිතා කරන පියරු වර්ග
  • ඔබගේ මෘදු සම සඳහා සබන් වලට ආදේශක

ඔබට අධික ලෙස දහඩිය දමනවා නම් සහ:

  • ඔබ විසින් කල හැකි දේවල් වලින් උපකාරයක් නැත්නම්,
  • අවම වශයෙන් මාස 6ක් වත් මේ තත්වය පැවතුනි නම්,
  • මේ නිසා ඔබගේ දෛනික කටයුතු නතර වී ඇත්නම්
  • අවම වශයෙන් මෙම තත්වය සතියකට වරක් වත් ඇති වේ නම්
  • රාත්‍රී කාලයේදී මෙය ඇති වේ නම් (රත්‍රී කාලයේදී ඇතිවන දහදිය දැමීම)
  • ඔබට අධික දහඩිය දැමීම පිළිබඳ පවුල් ඉතිහාසයක් ඇත්නම්
  • ඔබ වෙනත් තත්වයක් සඳහා ඖෂධ භාවිතා කරන්නේ නම්

ඔබට වෙනත් තත්වයක් මත මෙසේ අධික දහඩිය දැමීම සිදුවේ යයි ඔබගේ වෛද්‍යවරයා සිතන්නේ නම් ,ඔබව පරීක්ෂණ සඳහා යොමු කරනු ඇත.

ඉතාමත් අධික ලෙස දහඩිය දැමීම සඳහා ප්‍රතිකාර

ඔබගේ දහඩිය දැමීම සඳහා පැහැදිලි හේතුවක් නැත්නම් සහ මේ සඳහා උපකාරී වන කිසිත් නැත්නම් ඔබව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරනු ලැබේ. ඔවුන් ඔබට උත්සාහ කල හැකි වෙනත් පහත සඳහන් ප්‍රතිකාර නිර්දේශ කරනු ඇත.

  • දහඩිය පිටවීම් අඩු කරන බෙහෙත් පෙති ගැනීම
  • treating the areas with a weak electric current passed through water or on a wet pad (iontophoresis)
  • කිහිලි යට අධික දහඩිය දැමීම අඩු කරන එන්නත් ලබා දීම (botox injection)
  • සැත්කම් – උදාහරණයක් ලෙස, දහඩිය ග්‍රන්ථි ඉවත් කිරීම

ඔබගේ දහඩිය දැමීම වෙනත් තත්වයක් හේතුවෙන් ඇතිවන්නේ නම් ඔබට අවශ්‍යවන ප්‍රතිකාර එම හේතුව මත රඳා පවතී.

මුල් ප්‍රභවය